Thursday, July 19, 2012

ශබ්දය, භාෂාව හා වචනය


ශබ්දය, භාෂාව හා වචනය පිළිබඳව මා විසින් කරන ලද පර්යේෂණයක ප්‍රතිඵල මෙසේ දක්වමි. ඉතාමත් සංකීර්ණ පරමාණුක ක්‍රියාවලීන් සාමාන්‍ය ජනයාට තේරුම් ගැනීමට හැකිවන අයුරින් සරළව හුවා දැක්වීමට උත්සහ ගතිමි.

ශබ්දයක් හටගැනීමට නම් ගැටීමක් සිදුවිය යුතුය. ගැටීම සඳහා වස්තු 2ක් හෝ වැඩි ගණනක් තිබිය යුතුය. වස්තු යනු ශක්ති ස්වරූපයකි. විශ්වයේ අලුතින් මන්දාකිණියක් සැකසෙන අවස්ථාව සලකමු. ආරම්භයේදී කිසිවක් නොමැත. පිටත මන්දාකිණි වලින් විකිරණ විහිදේ. එම විකිරණද ශක්ති ස්වරූපයකි. එම ශක්තීන් ඒක රාශී වීමෙන් සුළි සැකසේ. එම සුළි භ්‍රමණය වන දිශාව අනුව කාන්දම් ශක්තියක් හටගනී. විරුද්ධ දිශාවට කැරකෙන සුළි ආකර්ෂණය වේ. ඒවා ඒකරාශී වීමෙන් ක්වාක, බෝසෝන, ලෙප්ටන ආදිය සැකසේ. ඒවාද ඒකරාශී වීමෙන් ප්‍රෝටෝන, න්‍යුට්‍රෝන හා ඉලෙක්ට්‍රෝන සැකසේ. එමගින් විවිධ වර්ගයේ පරමාණු බිහි වේ. පරමාණු අතර ඇතිවන බන්ධන නිසා අණු බිහි වේ. 


අවසාන වශයෙන් සම්පූර්ණ මන්දාකිණියම බිහිවන්නේ මේ ආකාරයටය. දැන් එක ලඟ පවතින අණු 2ක් සලකමු. කිසියම් බලයක් හේතුවෙන් අණු 2 ඝට්ටනය වුවහොත් ඒ අවට ඇති අණු වලටද එය බලපායි. ඒවා කිසියම් රිද්මයකට අනුව සෙලවීමට පටන් ගනී. එවිට එය අන්වායාම තරංගයක් ලෙස හැඳින්වේ. භාෂාවේ ආරම්භය මෙයයි. ඇතිවන රිද්මයට එම අණුවල ස්වභාවය, අණු අතර පරතරය, සෙලවෙන දුර, අණු වල භ්‍රමණය ආදී නොයෙක් දෑ බලපායි. 

මුලින් භාෂාව බිහි වූයේ අණු අතර සන්නිවේදනය සඳහාය. එක් අණුවක් සෙලවෙන විට ඊට ආසන්නයේ අණු ඒ බව දැන ගනී. දැනගෙන ඒවාද ඊට අනුරූපව සෙලවේ. දැනගන්නේ කෙසේද? විද්‍යුත් හා චුම්භක ශක්ති හේතුවෙනි. 

පසුකලෙක ජීවීන් බිහි වූවාට පසු ශබ්දය ඔවුන්ටද උපකාරී වේ. අණු වලින් ජීවීන් බිහිවන ආකාරය පිළිබඳව අග්ගඤ්ඤ සූත්‍රයේ විස්තර කොට ඇත. ඒ පිළිබඳව වැඩි විස්තර පසුව ලිපියක සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි. මෙම ලිපියෙහි අවධානය යොමු කරන්නේ භාෂාව පිළිබඳවයි. 

භාෂාවක් ඇත්තේ භාෂණය සඳහාය. ඕනෑම ජීවියෙකුට භාෂාවක් ඇත. මිනිසුන්ට පමණක් නොව, ගවයන්ට, බල්ලන්ට, කුරුල්ලන්ට, මසුන්ට, හා කුහුඹුවන්ටද භාෂාවක් ඇත. එපමණක් නොව බැක්ටීරියා, ඇමීබා, පැරමීසියම් ආදී ක්ෂුද්‍ර ජීවීන්ටද භාෂා පවතී. දන්නා තරමින් තවම විද්‍යාවෙන් සොයාගෙන නැතුව ඇති. නමුත් මම ප්‍රකාශ කරන්නේ සත්‍යය. 

ජීවීන් අතර සන්නිවේදනය සිදුවන්නේ කෙසේද?

අණු චලනය වීමෙන් ශබ්දය ඇති වේ. එහි රිද්මය භාෂාවයි. ජීවීන් අතර ශබ්ද සන්නිවේදනය සිදුවන්නේද අණු ආශ්‍රයෙනි. 

පටිච්චසමුප්පාදය පිළිබඳ කලින් ලිපියේ සිත් පහළ වන ආකාරය ගැන සාකච්ඡා කළා.
මොහොතක් මොහොතක් පාසා ජීවියාගේ විඤ්ඤාණය වන රූපකලාප හෙවත් පරමාණුක අංශු පුපුරයි. එයින් තාපයක් නිකුත් වේ. එම තාපයට අදාළ උෂ්ණත්වයක් පවතී. එම උෂ්ණත්වය ඇතැම් විට වචනයක් සැකසීමට තරම් ප්‍රබල වේ. වචනය සැකසෙන්නේ පිටවන උෂ්ණත්ව වලට අනුරූපව කම්පනය වන පරමාණුක අංශු වල රිද්මය ආශ්‍රයෙනි. වචනයක් සැකසුණු සැණින් එය පිට නොවේ. පිට වීමටත් හැකිය, නොවීමටත් හැකිය. වචනය පිට වීම උගුර ආශ්‍රිතව සිදුවන ක්‍රියාවලියකි. ඇතැම් ජීවීන්ගේ වෙනස් විය හැක. උදාහරණයක් ලෙස අමීබාවාට උගුරක් නොපවතී. සිරුරේ ඕනෑම ස්ථානයකින් කම්පනය ඇති කළ හැක. පරමාණුක අංශු වල රිද්මයානුකූල කම්පනය අණු විශාල වශයෙන් සෙලවීමට තරම් ප්‍රබල වුවහොත් ස්වරාලය ආශ්‍රිත පටක කම්පනය වේ. එමගින් ඒ ආශ්‍රිත වායු අණු රිද්මයකට අනුව සෙලවේ. 

කලින් සඳහන් කළ පරමාණු පිපිරීමෙන් ඇති වන උෂ්ණත්වය මුඛයටද බලපායි. මෙය බොහෝ විට න්‍යුරෝන ආශ්‍රිතව සිදුවන්නකි. එමගින් මුඛයේ පටක කම්පනය වන අතර මුඛයේ යම් යම් ස්ථාන සෙලවීම මගින් පෙර සඳහන් කළ උගුරෙන් පිටවන කම්පනය වන වාත ධාරාවට තව දුරටත් රිද්මයක් එක් කරයි. එය අන්වායාම තරංග ලෙස බැහැර වේ. 

එම අන්වායාම තරංග වෙනත් ජීවියෙකු විසින් හඳුනාගැනීමද සංකීර්ණ ක්‍රියාවලියකි. ජීවීයාගේ කනෙහි සෝතප්‍රසාදරූප බොහෝ ගණනක් පවතී. අන්වායාම තරංග ඒවායෙහි ගැටුණු විට ඒ රිද්මයටම ඒවාද කම්පනය වේ. සෝතප්‍රසාදරූප යනු බුදුදහමෙහි එන වචනයකි. එයට කියන විද්‍යාත්මක නම මා නොදනිමි. ඒවා කම්පනය වූ විට ඒ තුළ ඇති පරමාණුක අංශු පුපුරා තාපයක් නිකුත් වේ. එමගින් එය හඳුනාගැනීම සිදු වේ. පරමාණු නැවත සැකසේ. 

ඕනෑම භාෂාවක් ආරම්භ වන්නේ විශ්වයේ රිද්මයට අනුකූලවය. වචනයක් හටගන්නේ පරමාණු කම්පනය වන රිද්මයට අනුකූලවය. ඕනෑම ක්‍රියාවලියක රිද්මයක් පවතී. ක්‍රියාවලියක් යනු ක්‍රියාවන් කිහිපයක එකතුවකි. පරමාණුක අංශුවක ස්ථානය වෙනස් වීම ක්‍රියාවක් ලෙස ගත හැකිය. කාල ප්‍රාන්තර කිහිපයකදී පරමාණුක අංශුව පවතින ස්ථානය, එහි අඩංගු ශක්තිය ආදිය අනුව රිද්මය තීරණය වේ. 

ඕනෑම ක්‍රියාවකට ඒ හා සබැඳුණු රිද්මයක් තිබේ. ඊට අදාළ වචන ස්වරූපයක් සකස් වේ. කිසිදු භාෂාවක් නොදත් මාස කිහිපයක් වයස දරුවෙකුගේ කටින් 'මා', 'මමා', 'අම්මා' යනුවෙන් 'ම' ආශ්‍රිත වචනයක් ඉබේම කියැවේ. 'ම' යනුවෙන් අදහස් වන්නේ නිර්මාණයට අදාළ විශ්ව ශක්ති ස්වරූපයයි. එම දරුවා මවගේ නිර්මාණයකි. ඊට අදාළ රිද්මය එම දරුවා තුළ පවතී. 'ම' යනුවෙන් ඉබේම පැවසෙන්නේ ඒ නිසාය. සමහරු තර්ක කරන්න පුළුවන් එම දරුවාට අවටින් ඇසෙන ශබ්ද නිසා එහෙම පවසනවා කියා. නමුත් එසේ නොවන අවස්ථා වලත් එම සිදුවීමම වන බව පර්යේෂණ වලින් ඔප්පු වී ඇත.


ඕනෑම වස්තුවකට ඊට ආවේණික ශබ්ද ස්වරූපයක් පවතී. 'රා' මගින් ඉර, හිරු, සූර්යයා සංකේතවත් වේ. බොහෝ ආසන්න ගුණ ඇති වචන වලට ආසන්න ශබ්ද පවතී.
බුද්ධ, බුද්ධිය, බුද
පඨවි, පෘථිවි, පට්ට
ආපෝ, පාන, පැණි, පිනි
නාම, නම, නැමීම, නම්‍ය

ලෝකයේ සෑම භාෂාවක්ම සැදී ඇත්තේ තනි භාෂාවකිනි. භාෂා වල ඇති සමානතා නිසා ඒ බව හැඟෙයි. හෙළ භාෂාව, සංස්කෘත භාෂාව, ග්‍රීක භාෂාව ආදිය බොහෝ පැරැණි භාෂාවන්ය. ඒ භාෂා අතර සමානතා පවතී. උදාහරණයක් ලෙස 'හේලි' යන වචනය හෙළ භාෂාවේද ග්‍රීක භාෂාවේද පවතී. භාෂා දෙකෙහිම එහි තේරුම සූර්යයා වේ.

ඕනෑම ක්‍රියා ස්වරූපයකට අදාළ වචන ස්වරූපයක් පවතින බව කලින් සඳහන් කළෙමි. එහි විලෝමයද සත්‍ය වේ. ඕනෑම වචන ස්වරූපයකට අදාළ ක්‍රියා ස්වරූපයක්ද පවතී. මන්ත්‍ර වලින් සිදුවන්නේ ඒ කාර්යයයි. වචන සමූහයක් රිද්මයකට අනුව ඉතා නිවැරදිව ප්‍රකාශ කිරීමෙන් ඊට අදාළ සිදුවීමද සිදු වෙයි. ඇතැම් වචන තුළ එසේ විශිෂ්ට ශක්තියක් ගැබ්ව පවතී. එමෙන්ම එකම කාර්යයක් කරන අවස්ථාවක ඕනෑම වචනයක් දීර්ඝ කාලයක් පුරා මිනිසුන් බොහෝ ගණනකගේ මුවින් පිට වුවහොත්, එම වචනයට ශක්තියක් ගැබ් වෙයි. 'ශක්ති', 'බල', 'භගවා', 'නමෝ', 'බුද්ධ', 'දේවා', 'ලෝ', 'ඕම්', 'භාග්වතී, 'ජීසස්', 'අල්', 'රාවණා', 'ගුරු' එවැනි වචන වලට උදාහරණ කිහිපයකි.

නමුත් එම වචන වැරදි ලෙස දීර්ඝ කාලයක් භාවිතා කළහොත් එහි අඩංගු ශක්තිය හීන වේ. උදාහරණයක් ලෙස 'අරහං' හා 'සක්විති' යන ප්‍රබල වචන නූතනයේ වැරදි තේරුමක් හැඟෙන ආකාරයට පරිහරණය වේ. එය දීර්ඝ කාලයක් සිදු වුවහොත් එම වචන තුළ ඇති ශක්තිය අඩු වේ.  

එහෙත් වෙනත් ලොවක ජීවීන් විසින් මෙවැනි වචනයක් වෙනත් තේරුමක් සඳහා භාවිතා කරන්නට පුළුවන. වචනයට අදාළ ශක්තිය තැන්පත් වන්නේ පරමාණු තුළය. එවැනි ලෝකයක පරමාණු වලින් මෙහෙට ඇති වන බලපෑම අවම වේ. එබැවින් එකම වචනයට වුවත් විවිධ ලෝක වල ඇත්තේ වෙනස් ශක්තීන්ය. පෘථිවියේ වුවද එක් එක් ප්‍රදේශ වල වචන වලට අදාළ ශක්තිය සුළු වශයෙන් වෙනස් වේ. උදාහරණයක් වශයෙන් 'අල්' යන වචනය වැඩිපුරම භාවිත වන්නේ අරාබි රටවලය. එබැවින් එම රටවල් වලදී එම වචනයේ ශක්තිය වැඩිය.

මෙලෙස භාෂාව පිළිබඳව තවත් කරුණු රාශියක් පවතී. ඔබගේ දැනුම සඳහා මෙම ලිපිය වැදගත් වේ යැයි මම සිතමි. ඔබේ අදහස් දැක්වීමට comment කරන ලෙස ඉල්ලා සිටිමි.

Sunday, July 1, 2012

My Research of පටිච්චසමුප්පාදය


පටිච්ච යනු 'ප්‍රත්‍ය කරගෙන' යන්නයි. යම් සිදුවීමකට උපකාර වන්නේ යමක්ද එය ප්‍රත්‍යයි. සමුප්පාද යනු සමව උප්පාදනය වීමයි. එනම් ප්‍රත්‍යයට අනුකූල ප්‍රතිඵලයක් ඇති වීමයි.

මනුෂ්‍යයින්, තිරිසන් සතුන්, අමනුෂ්‍යයින්, නිරිසතුන්, දෙවියන්, බ්‍රහ්මයින් ඇතුළු විශ්වයේ සියලු ජීවීන් ස්වයංක්‍රීය වස්තූන්ය. ඒ සියල්ලටම රූපකලාප (අණු, පරමාණු, උපපරමාණුක අංශු ආදී ශක්ති පොදි) වලින් සැදි ශරීර පවතී. අරූපාවචර බ්‍රහ්මයින්ටද ඉතාමත් සියුම් ශරීර පවතී. ජීවයක් පැවතීමට ශරීරයක් අත්‍යවශ්‍ය වේ. මෙම රූප කලාප සියල්ල හේතූන් නිසා හටගන්නා අතර ක්ෂණිකව බිදී යයි. එයම නැවත හේතුවක් වී රූපකලාප හට ගනී. අසුරු සැණක් ගසන මොහොතක ලක්ෂ කෝටි ප්‍රොකෝටි වාරයක් රූප කලාප ඇති වී නැති වී යයි. 

ඒ සියල්ලෙහිම දුක්ඛය අන්තර්ගතය. දුක්ඛය යනු දූෂණය වෙමින් ක්ෂය වෙමින් හටගන්නා වූ විඳීම් ස්වරූපයයි. දුක්ඛය නොදැනීම, දුක්ඛයට හේතුව නොදැනීම, දුක්ඛය නැති කිරීමට හැකිය යන්න නොදැනීම, දුක්ඛය නැති කිරීමේ මාර්ගය නොදැනීම අවිද්‍යාවයි. එය අවබෝධ කරගන්නා විද්‍යාව උපදවාගනී. එනම් රහත් භාවයට පත් වී දුක්ඛයෙන් සදහටම මිදෙයි. තමා එවැනි විද්‍යාව අවබෝධ නොවුණු ජීවියෙකි. එනිසා තමා "මම", "මගේ" යනුවෙන් අයිතිවාසිකමක් සාදාගෙන ඇත. ක්ෂණිකව බිඳෙන රූප කලාප තුළ තමාට අයිති දෙයක් නොපවතී.  

අවිජ්ජාපච්චයා සංඛාරා
අවිද්‍යාව නිසා සංස්කාර හටගනී. සංස්කාර යනු දුක්ඛ ස්වරූපය සහිත ජීවියාගේ පැවැත්ම තවත් ඉදිරියට ගෙන යා හැකි ආකාරයෙන් ඇතිවන සකස්වීමයි. බැඳීම සංස්කාර වල ඇති එකම ලක්ෂණයයි. සෑම රූපකලාපයක් සකස් වීමේදී අවිද්‍යාව ඒ තුළ පවතී. එය අසවල් ශක්තීන් වලින් අසවල් ආකාරයට නිර්මාණය වන බව එය දනී. රූපකලාප තුළ කාන්දම් ශක්තියක් පවතී. මුළු විශ්වයම සෑදී ඇත්තේ රූපකලාප වලින් වන අතර ඒවායේ කම්පනය නිසා විශ්වය පවතී. රූපකලාප තුළ අන්තර්ගත වන කාන්දම් ශක්තීන් වර්ග 5කට වෙන් කළ හැක. එනම් රූපකාම, ශබ්දකාම, ඝන්ධකාම, රසකාම, හා ඵොට්ටබ්බකාමයයි. 

සංඛාරාපච්චයා විඤ්ඤාණං
උදාහරණයක් ලෙස ඇසෙහි රූපකාම ශක්තිය පවතින රූපකලාපයක් සලකමු. එම රූප කලාපයට වෙනත් බාහිර රූප කලාපයකින් නිකුත් වූ ආලෝක තරංගයක් වැටුණු සැණෙකින් එම රූපකලාපයේ තිබූ රිද්මය වෙනස් වේ. එනම් එහි කම්පනයක් ඇති වේ. එම කම්පනය වීම විඤ්ඤාණයයි. මෙහිදී හටගෙන ඇත්තේ චක්ඛු විඤ්ඤාණයයි. මෙසේම කණෙහි ශබ්දකාම ශක්තිය පවතින රූපකලාපයක් මතට ශබ්ද තරංගයක් වැටුණු විට ඇතිවන කම්පනය සෝත විඤ්ඤාණයයි. නාසයෙහි ඝන්ධකාම ශක්තිය පවතින රූපකලාපයක් මතට වායු අණුවක් ගැටී එහි රසායනික ශක්තිය නිසා ඇතිවන කම්පනය ඝාන විඤ්ඤාණයයි. දිවෙහි රසකාම ශක්තිය පවතින රූපකලාපයක් මතට ද්‍රව අණුවක් ගැටී එහි රසායනික ශක්තිය නිසා ඇතිවන කම්පනය ජිව්හා විඤ්ඤාණයයි. ශරීරයේ ඵොට්ටබ්බකාම ශක්තිය පවතින රූපකලාපයක් මතට වෙනත් ඕනෑම රූපකලාපයක් (ඝන, ද්‍රව, වායූ අංගු, තාප විකිරණ ආදිය ) ගැටීමෙන් ඇතිවන කම්පනය කාය විඤ්ඤාණයයි. එමෙන්ම මේ සියල්ල එක් වී මතකය ආශ්‍රයෙන් ඇති වන කම්පනය මනෝ විඤ්ඤාණයයි.

විඤ්ඤාණපච්චයා නාමරූපං
විඤ්ඤාණයෙහි ක්‍රියා ශක්තියක් පවතී. අදාළ රූපකලාපයේ කාන්දම් ශක්තිය විඤ්ඤාණය වූ දෙසට එකෙණෙහිම නැමෙයි. එය "නාම" යනුවෙන් හඳුන්වයි. කාන්දම් ශක්තියෙහි ඇති වන සෙලවීම නොහොත් රුප්පනය වීම "රූප" යනුවෙන් හඳුන්වයි. "නාම-රූප" යනුවෙන් හඳුන්වන්නේ රූපකලාපය තුළ කාන්දම් ශක්තියේ නැමීම හා සෙලවීමයි. සංස්කාර වලට උදව් ලැබෙන්නේද නැමීම හා සෙලවීමෙනි. ඒවා එකිනෙකට ප්‍රත්‍ය වෙයි. 

රූපකලාපයේ කාන්දම් ශක්තිය නාම-රූප වූ සැටියේ එනම් නැමී සෙලවී ගිය සැටියේ එය පුපුරයි. ඒ අවස්ථාවේ එහි ගැබ්ව තිබූ ශක්තිය පිටකරයි. එහි ඇති කාන්දම් ශක්තිය පිළිගැනීමට සමත් සෑම රූපකලාපයක්ම එකෙණෙහිම පුපුරයි. පුපුර පුපුරා තාපය පිටකරයි. 

නාමරූපපච්චයා සළායතනං
පුපුරා ගිය සැටියේ සළායතන හටගනී. එනම් නිෂ්පාදනය කරන ස්ථානය. එවැනි ස්ථාන 6ක් තිබේ. උදාහරණයක් ලෙස ආලෝකය පිළිගන්නා කාන්දම් ශක්තියෙන් යුත් රූපකලාප පිපිරීම සලකමු. පිපිරුණු සැණින් එයින් තාපය පිටවේ. එය මැනගත හැක්කේ දැනෙන වේලාවේමය. පිටවන ශක්තිය තුළ කෙලෙස් මිශ්‍රිතය. 

සළායතනපච්චයා ඵස්සෝ
සළායතන හේතුවෙන් ස්පර්ශය ඇති වේ. එනම් සළායතන වල ශක්තියෙන් තවත් එකක් හා සම්බන්ධ වීමයි. ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන සතරමහාභූත ස්පර්ශයට යොමු වේ. සම්බන්ධ වනවාත් සමඟම ස්පර්ශය මහාභූත වලට බෙදෙයි. ස්පර්ශයේ හා මහාභූතයේ කාන්දම් ශක්ති 2 එක සමාන නම් එහි චලනයක් ඇති වේ. එය ස්පර්ශය වූ බවට සාක්ෂියයි. මෙය තරංගමය ස්පර්ශයකි. පඨවිය යනු ස්පර්ශයෙහි තද වන ප්‍රමාණයයි. තද වීමට ඇති නිදහස ආපෝ ධාතුවයි. තද වන ප්‍රමාණයට හටගන්නා රත් වීම තේජෝ ධාතුවයි. රත් වීමේ ප්‍රමාණයට හටගන්නා කම්පනය වායෝ ධාතුවයි. ආයතන 6හිම සිදුවන්නේ මෙවැනි ස්පර්ශයකි.

ඵස්සපච්චයා වේදනා, වේදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවෝ
ස්පර්ශය නිසා විඳීමක් හටගනී. ස්පර්ශයේ ප්‍රමාණයට රත්වීමක් ඇති වේ. එය විඳීමයි. දුක්ඛ වේදනා, සුඛ වේදනා යනුවෙන් විඳීම දෙයාකාරයකි. ස්පර්ශයෙන් හටගන්නා රත්වීම දුක්ඛ වේදනා ඇති කරන අතර රත්වීමෙහි අඩුවන ප්‍රමාණය සුඛ වේදනා වේ. 
විඳීම නිසා තණ්හාව ඇති වේ. එනම් රත් වන ප්‍රමාණයට තමාගේ අරමුණ කෙරෙහි යොමු වීමක් ඇති වේ. රත්වීම වැඩිවත්ම කාන්දම් හා විද්‍යුත් ශක්තිය වැඩි වේ. එවිට තණ්හාව වැඩි වේ. තණ්හාව නිසා උපාදානය ඇති වේ. එනම් එය තදින් අල්ලාගැනීමයි. උපාදාන නිසා භව ඇති වේ. එනම් අල්ලාගත් ප්‍රමාණයට අනුව සිදුවන සිද්ධියයි. 

භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සෝකපරිදේවදුක්ඛදෝමනස්සූපායාසා
භව නිසා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ඇති වේ. ජාති අවස්ථාවේ සිතිවිලි පහලවේ. ජාති ජරා ව්‍යාධි මරණ ලෙස පෙන්නුම් කරන්නේ ක්‍රියාවට යොමු වූ රූපකලාප විනාශ වීමයි. ක්‍රියාවට යොමුවන ප්‍රමාණයට ශෝකය උපදී. එනම් රත්වීමයි. ඒ රත්වීමේ ප්‍රමාණයට එය මුළු සිරුරේම පැතිරෙයි. එනම් පරිදේවයයි. එයින් සිරුර කම්පනය වේ. එය ඇසට පෙනෙන කම්පනයක් නොව පරමාණුක කම්පනයකි. එමගින් දුක්ඛය හටගනී. දෝමනස්සය යනු දුක්ඛය නිසා ඇතිවන කණස්සලුභාවයයි. උපායාසය යනු දෝමනස්සය පවත්වන ක්‍රියාකාරිත්වයයි.

ඉහත මුල සිට සඳහන් කළ ක්‍රියාකාරිත්වය අසුරුසැණක් ගසන මොහොතක කෝටි ප්‍රොකෝටි වාරයක් සිදුවේ. එසේ පුපුරණ රූපකලාප වල ශක්තියෙන් තවත් රූපකලාප ඒ ආශ්‍රිතවම බිහි වේ. මේ ආකාරයට සීමාවක් නැතිව පුපුර පුපුරා තවත් රූපකලාප බිහි වේ. එම රූපකලාප වල කාන්දම් ශක්ති ප්‍රමාණයන් ඇති වන්නේ තමා කරන ක්‍රියා වලට අනුරූපවය. තමා කරන කුසල් හා අකුසල් වල ශක්තිය ඉදිරියට ගෙනියන්නේ රූපකලාප තුළිනි. ඉදිරියට ගෙනයාම යනු ස්ථිර පැවැත්මක් නොවේ. බිඳි බිඳී නැවත නැවත හට ගැන්මකි. 

මෙම ක්‍රියාවලිය අවබෝධ කරගැනීමට තරම් අප තවම සූක්ෂම නැත. එහෙත් නිතිපතා සූක්ෂමව සිත දෙස බැලීම පුරුදු වීමෙන් මෙය අවබෝධ කරගැනීමේ අවස්ථාවට පත් විය හැක.  උදාහරණයක් වශයෙන් ඇසෙහි එකවරකට විඤ්ඤාණය වන්නේ එක් ආලෝක තරංගයක් පමණි. එහෙත් අපිට ප්‍රායෝගිකව ආලෝක තරංග ප්‍රොකෝටි ගණනකින් සෑදුණු රූපයක් පෙනෙනවායැයි හැඟෙන්නෙ ඉහත කී ක්‍රියාවලිය එතරම් වේගවත් බැවිනි. අනෙක් ආයතන වල ස්පර්ෂයන්ද සිතිවිලිද ක්‍රියා ස්වරූපයන්ද එතරම් වේගවත්ය. ඒ එක එකක් චිත්තක්ෂණ ආශ්‍රයෙන් අභිධර්මයේ විස්තර කොට ඇත.

Saturday, May 26, 2012

at Wedding Dreamz Prize Giving

Fb Album



Janadari Madubashi, Meleesha Perera, Mahen Samaranayake

Chathura Nisith, Mahen Samaranayake, Nishantha Kaveendra




Saturday, May 5, 2012

Things you didn't know about Programming

Things you didn't know about Programming


  • Every successful person in the world is an expert in programming.
  • To become successful in life, programming is a must.
  • Life problems have only programming solutions. No other solutions.
  • When the programming is done, it affects everything instantly.
  • If I said "Programming is the father of every person's nature", I'm correct.
  • Programming is the only way to go to the highest level in the universe.
  • Life is all about programming. Life is nothing without programming.
  • Programming is the sweetest thing in the world.
  • Programming is the most addictive thing in the world.
  • You are a programmer.

Wednesday, January 11, 2012

දේශපාලනය ගැන කිසිවෙක් නොකළ කතාවක්

දේශපාලනය යනු දේශයක් පාලනය කිරීමය. දේශයක් නගරයක් වීමට හැක. දිවයිනක් වීමට හැක. භූමි කොටසක් වීමට හැක. මහාද්වීපයක් වීමට හැක. ලෝකයක් වීමට හැක. ග්‍රහලෝක ගණනාවක් වීමට හැක. තාරකා මණ්ඩල සමූහයක් වීමට හැක. චක්‍රාවාට සමූහයක් වීමට හැක. නමුත් මුළු විශ්වයම විය නොහැක.



දේශපාලනයේ ඉතිහාසය
මිනිසා පෘථිවියේ ස්ථාපිත වූ පසු භෞතික වස්තු කෙරෙහි තණ්හාව වැඩි වීමත් සමඟ වර්ෂ දහස් ගණනක් අවසානයේ විවිධ ගැටලු වලට මුහුණ දීමට සිදුවිය. මතු වූ ප්‍රධාන ගැටලු 5 පහත දැක් වේ.
1) මනුෂ්‍ය හා සත්ත්ව ඝාතනය කිරීම්
2) අනුන් සතු වස්තුව සොරකම් කිරීම් හා පැහැරගැනීම්
3) සදාචාරාත්මක නොවන ඇසුරු කිරීම්
4) අන් අය රැවටීම්
5) මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම්
මෙම ප්‍රශ්න දිනෙන් දින උත්සන්න වීම නිසා මිනිසාම රැස් වී තීරණයකට එළඹේ. ඔවුන් විසින්ම දේශය පාලනය කිරීමට පාලකයෙකු පත් කර ගනී. එම පුද්ගලයා බුද්ධිය අතින්ද, දැනුම් අතින්ද, ශිල්ප ක්‍රම අතින්ද, අධිමානසික හැකියා වලින්ද ඉතා දක්ෂ කෙනෙක් විය. සියල්ලෝම සම්මතයකට එළඹීමෙන් පත් කරගත් නිසා මහා සම්මත රජතුමා යැයි නම් කෙරිණි. පෘථිවියේ පමණක් නොව අනන්ත අප්‍රමාණ අනෙකුත් ලෝක වලද මෙසේම සිදුවිය.

මුලදී මුළු ලෝකයටම සිටියේ එක් පාලකයෙක් පමණි. ජනගහන වර්ධනයත් සමඟ එක් අයෙකුට සියල්ලම පාලනය කිරීමට අපහසු විය. ඉන්පසු පාලකයා විසින් එක් එක් ප්‍රදේශ පාලනය කිරීමට ඔහු යටතේ තවත් අනු පාලකයන් පිරිසක් ඇති කරන ලදී. ජනගහනය තවත් වර්ධනය වීම නිසා එම අනු පාලකයන් යටතේද තවත් පාලකයින් බිහිවිණි. මහාද්වීප, රටවල්, නගර, ගම්, නියම්ගම් පාලනයට වෙන වෙනම පාලකයින් ඇති කරගන්නා ලදී. ඔවුන් තොරාගනු ලැබුවේ දක්ෂතාව මතය. නොයෙකුත් ශිල්ප ශාස්ත්‍ර හා තාක්ෂණයේ දියුණුවත් සමඟ එම එක් එක් විෂයයන් අනුවද පාලකයින් වර්ගීකරණය සිදුවිණි. එම තොරාගැනීම් සිදු කරනු ලැබූයේ ඒ ඒ විෂයයන්හි දක්ෂතාව අනුවය.

එකල වෙනත් ලෝක වල ජීවීන් සමඟද සම්බන්ධතා පවත්වා ගත හැකි ලෙස තාක්ෂණය දියුණු වී තිබිණි. විවිධ ලෝක අතර සම්බන්ධතා තුළින් සංස්කෘතීන්, තාක්ෂණයන් හුවමාරු විණි. පසු කාලයේදී තණ්හාව වැඩි වීමත් සමඟ ලෝක අතර ගැටුම් ඇති වීමට පටන් ගනී. එකල බොහෝ න්‍යෂ්ටික යුද්ධ සිදුවිය. ඇතැම් විට ලෝක පිටින් විනාශ කරන ලදී. (සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහක වළල්ලද එසේ විනාශ වූ ග්‍රහලෝකයක් බවට මතයක් පවතී.) මේ තත්ත්වය උත්සන්න වීම නිසා සියලු ලෝක වල පාලකයින් අතර එකඟතාවක් ඇති කර ගැනීමට සිදුවිණි. ඉන්පසු අන්තර්ලෝක සමසමූහාණ්ඩුව පිහිටුවන ලදී. ඔවුන් විසින් නීති රීති මාලාවක් සම්පාදනය කරන ලදී. බොහෝ අය මේ නීතිරීති මාලාවට එකඟ වුවත් සුළු පිරිසක් එකඟ නොවිණි. ඔවුන් යටත්විජිතවාදීන්ය. ඔවුන් නිතර විනාශකාරී කටයුතු වල නියුතු වූ අතර සමසමූහාණ්ඩුවේ පිරිස නිසා එක්තරා අයුරකට මෙය පාලනය විණි. පසුව චක්‍රාවාට තරණය කිරීමට තරම් තාක්ෂණය දියුණු වීම නිසා චක්‍රාවාට අතරද එකඟතාවක් ඇති විය. එයින් අන්තර් චක්‍රාවාට සමසමූහාණ්ඩුව (Galactic Confederation) බිහි විණි.

මේ අතර විවිධ ලෝක වල යුද්ධ හා ස්වාභාවික විපත් නිසා මිනිස් වර්ගයා විනාශ විණි. එවිට නැවත වෙනත් ලෝක වල ජීවීන් එම ලෝක වලට ගොස් මිනිසාට ජීවත් වීමට සුදුසු පරිදි ලෝක සකසා ජාන තාක්ෂණයෙන් මිනිස් පරපුර ඇති කරන ලදී. මුලදී එසේ ඇති කරන ලද මිනිස් පරපුර ඔවුන්ගේ උපදෙස් පරිදි පාලනය වූ අතර ඔවුන්ගේ තාක්ෂණයද ලබා දිණි. අප පෘථිවියද මේ ආකාරයට විවිධ විපත් නිසා විනාශ වී ඇත. නැවත මිනිස් පරපුර බිහිකර ඇත. ලෝකයේ විවිධ ආගම් බිහි වූයේද මේ ක්‍රියාවලිය නිසාය. සර්ව බලධාරියෙක් පිළිබඳව විශ්වාසයකට එළඹුණේ මේ නිසාය. අප ලෝකයේ පමණක් නොව වෙනත් ලෝක වලද මෙසේ ආගම් බිහි වී ඇත.

පසුකාලීනව නැවත ජනගහණය වැඩි වීමත් සමඟ ඉහත කී ක්‍රියාවලිය සිදු වේ. මෙය චක්‍රයක් බඳුය. නැවත නැවත ලෝක විනාශ වේ. නැවත නැවත මිනිසා ස්ථාපිත කරයි. නැවත නැවත ආගම් බිහි වේ. නැවත නැවත දේශපාලනය බිහි වේ. නැවත නැවත තාක්ෂණය දියුණු වේ.


ලංකාවේ දේශපාලනය
ලංකාවේ දේශපාලන ඉතිහාසය මූලාශ්‍ර වල ඇති පරිදි ක්‍රි.පූ.125000 ඉක්මවයි. නවතම සොයාගැනීම් අනුව අවුරුදු මිලියන 2ක් පමණ වේ. මාගේ මතයට අනුව ලංකා ඉතිහාසය අවුරුදු බිලියන ගණනක් එපිටට දුවයි. සාක්ෂි ඇතත් නැතත් ඩයිනෝසර් අවදියේ පවා ලංකාවේ ජනාවාස පැවැති බව මාගේ මතයයි.
අවුරුදු දහස් ගණනක් (7000ක් පමණ) අතීතයේ රාවණා යනුවෙන් රජ කෙනෙක් මුළු ලෝකයම පමණක් නොව සිකුරු, අඟහරු, හා චන්ද්‍ර ජනාවාසද පාලනය කරන ලදී. එකල තාක්ෂණයද දේශපාලන ක්‍රමයද මීට වඩා දියුණු මට්ටමක පැවතිණි.

පෙර යක්ෂ, රාක්ෂ, නාග යනුවෙන් වංශ 3ක් ලංකාවේ සිටි අතර එම 3හිම අයට දේව නැමති අධ්‍යාපනය ලබා දී දක්ෂයින්ගෙන් දේව වංශයද ඇති කර ඇත. දේව යනු පාලනයයි. රටේ පාලකයාට 'දේවයන් වහන්ස' යනුවෙන් අමතා ඇත්තේ ඒ නිසාය. නූතනයේ ඇතැම් ආගම් වල දෙවියන් ලෙස අදහන්නේද එකල ලංකාවේ හා ඉන්දියාවේ වාසය කළ රජවරුන්ය. මාගේ මතයට අනුව ලෝකයේ සියළු ශිෂ්ටාචාර බිහි වීමට මුල් වී ඇත්තේ ලංකාවයි. ඉන්දීය, ග්‍රීක හා ඒ ආශ්‍රිත ශිෂ්ටාචාර ලංකාව මුල් කරගෙන ඇති වූ බව මගේ විශ්වාසයයි. සුදු ජනයින් ජාන තාක්ෂණයෙන් බිහි කරන ලද බවත් මගේ මතයකි. ලංකාවේ වැරදි කරන්නන් පිටුවහල් කර ඇත්තේ දකුණු ඇමෙරිකාවටය. එකල එය පාතාලය යනුවෙන් හඳුන්වා ඇත. එසේ හැඳින්වීමට හේතුව එය අපේ පා තලය යටින් පිහිටි නිසාය. එයින්ද පැහැදිලි වන්නේ අප තාක්ෂණයේ පැවති දියුණුවයි. විවිධ ලෝක තරණය කළ ලංකාවේ ශිෂ්ටාචාරයට ලෝකය ගෝලාකාර බව හඳුනාගැනීම සුළු දෙයකි.

එකල දේශපාලන ක්‍රමයේ රටේ පාලකයා තෝරාගත්තේ දක්ෂකම අනුවය. පරපුරෙන් පරපුරට පාලකයා පත් කරගත්තේ නැත. එය ඉන්දීය ක්‍රමයකි. දක්ෂකම අනුව පාලකයා පත් කිරීම ලොව විශිෂ්ටම ක්‍රමයයි. එකල දේශපාලනයේ තිබූ සමහර අංග නූතන විද්‍යාවෙන් පවා පැහැදිලි කල නොහැක. ඒ තරමටම දේශපාලනය ඉතා නිවැරදි විය. තාක්ෂණය උපරිම වශයෙන් භාවිතා කෙරිණි. අධිමානසික ක්‍රමවේදයන්ද භාවිතා විණි. වැරදි කරන්නවුන්ට දඬුවම් කිරීමද ඉතා ශිෂ්ට සම්පන්නය. කෙනෙක් වරදක් කළහොත් එම පුද්ගලයාට අවවාද දෙනු ලැබේ. නැවතත් වරද කළහොත් තදින් අවවාද කරන අතර පුනරුත්ථාපනයද කරයි. ඒ කිසි ලෙසකින් සාර්ථක ප්‍රතිඵලයක් අත් නොවුණහොත් වරදකරුවාව තනි කරයි. රටින් පිටුවහල් කරයි. එකල කිසිම ශාරීරික වදයක් තිබුණේ නැත. මානසිකවද සිදුවන වදය ඉතාම අවම කිරීමට එකල පාලකයින් ක්‍රියා කර ඇත.

පසු කාලීනව රටේ තිබූ තාක්ෂණය විනාශ විණි. විනාශ වූ ආකාරය තවමත් අභිරහසකි. ස්වාභාවික විපතක් (බොහෝ විට චුම්භක ක්ෂේත්‍රයේ වෙනසක් ) හෝ පිටසක්වළ ආක්‍රමණයක් විය හැක. ඊටත් පසුව ඇති වූ ඉන්දීය ආක්‍රමණ වලින් තත්ත්වය තවත් බරපතල විය. දේශපාලන ක්‍රමය උඩුයටිකුරු විණි. පරපුරෙන් පරපුරට රජකම හිමි වීම ආරම්භ විණි. වරදකරුවන්ට ශාරීරික දඬුවම් ලබා දීම ආරම්භ විණි. 
අවුරුදු 500කට ඉහත සිට පැවති බටහිර ආක්‍රමණ නිසා තත්ත්වය තව තවත් බරපතල විය. රට විනාශ මුඛය කරා ගෙන යන ලදී. රජකම වෙනුවට වෙනත් අමුතුම ආණ්ඩු ක්‍රමයක් බිහි විණි. පාර්ලිමේන්තු බිහි විණි. පක්ෂ බිහි විණි. එයින් රට තුළ පමණක් නොව පාලන තන්ත්‍රය තුළද ආරවුල් ඇති විණි. 

අද සිදුවී ඇත්තේ කුමක්ද? අප තවමත් කරන්නේ සුද්දන්ට කඩේ යාම නොවේද? අප යා යුත්තේ අතීතයේ පැවති හෙළ රජ පාලනයට නොවේද? සිතන්නට යමක්..

Friday, October 28, 2011

Motion Detection using Java

Today I developed a new kind of application which can recognize an object and control mouse pointer according to the object. I have used JMF (Java Media Framework) and my own algorithms to recognize objects and control mouse pointer's position.

See this video

Tuesday, September 27, 2011

Sri Lankan Facebook Users

I did a research about Sri Lankan Facebook users, a few days ago. This is the final result I got. Approximately 5% of Sri Lankan populations has a Facebook account. It's about 1 million people. Nearly 67% of them are males and 33% of them are females. The most highlighted thing is: the people whose age is 21 is the largest crew that having a Facebook account. This graph says it clearly. 

Saturday, August 27, 2011

Mahen Samaranayake at SUNFO Youth Website Launching

The Youth Website of Sri Lanka United Nations Friendship Organization (SUNFO) which is developed by Java Force launched at Museum, Colombo, Sri Lanka on 21st August, 2011.

Mahen Samaranayake, Lashan Chandika, Aruna Sathischandra, and Sameera Fernando




Ms Anarkali Akarsha launching SUNFO Youth Website

Dr. Ishantha Siribaddana, Ms. Anarkali Akarsha, Mr Sachindra Karunathilake, Mahen Samaranayake, Lashan Chandika, Aruna Sathischandra, and Sameera Fernando

Tuesday, August 2, 2011

Mahen Samaranayake at Java Force 1st Anniversary - Beach Party

This beach party was held on 30th July 2011 at Mount Lavinia beach in order to celebrate the first anniversary of Java Force. (About Java Force Launching)




'Certifications for the Java Force membership' were given to all the senior members who had spent one year at Java Force.  I was working as a Lieutenant Colonel at the moment. My Certificate was given by Mrs Asanka Wisidagama (CEO at IJTS).






Memories of Java Force Launching (July 27, 2010)

රට හදන ජාවා බලකාය (Java Force to build the nation) අරඹා වසරක් ගෙවී ගොස් ය. එදා සාමාජිකයින් තිස් ගණනකින් ඇරඹුණු ජාවා බලකාය දැන් දෙසිය ගණනක් දක්වා වර්ධනය වී තිබේ. මේ ගෙවී ගිය වසර තුළ අප කළ කී දෑ බොහෝය. මේ අතරින් තිරසාර සංවර්ධනය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගැනීම පිළිබඳ කතිකාවතක් ඇති කළ ජාවා ලෝක සමුළුව (ICT for Sustainable Development Java World Congress 2010) විශේෂ ස්ථානයක් උසුලයි. තවද ශ්‍රී ලංකා අන්තර්ජාතීන්ගේ මිත්‍රත්ව සංවිධානය හා ජාවා බලකාය සමඟ ඇති වූ අවබෝධතා ගිවිසුමෙන් (MOU with SUNFO) ජාවා බලකාය තව තවත් ශක්තිමත් විය. මෙසේ ඉතාම සුළු පරිමාණයෙන් ආරම්භ කළ ජාවා බලකාය නොයෙක් බාධක මැද අද සැලකිය යුතු ස්ථානයකට පැමිණ ඇත. 

ජාවා බලකාය ආරම්භ කළේ මෙසේය. (Java Force Launching)

















පෘථිවි ශිෂ්ටාචාරය ඇත්තේ තාක්ෂණය අතින් කොතරම් පහළ මට්ටමකද?

අප ලෝකය තාක්ෂණික දියුණුව අතින් හිණි පෙත්තටම ළඟා වී ඇතැයි බොහෝ අය ප්‍රකාශ කළත් එය එසේ නොවේ. වෙනත් ඉතා දියුණු ලෝක වල ශිෂ්ටාචාර හා සසඳන කළ හිණි පෙත්තක් පේන මානයේවත් නොමැත. අප තවමත් සිටින්නේ ඉතා ප්‍රාථමික මට්ටමකය. 

අප තාක්ෂණයේ දුර්වලතා සහ දියුණු විය යුතු අංග

ගමනාගමනය හා ප්‍රවාහනය
ගමනාගමනය හා ප්‍රවාහනය ගත් කළ අප තවමත් සිටින්නේ ඉතා මන්දගාමී අවස්ථාවකය. සාමාන්‍ය මෝටර් රථයක වේගය 500කීමී/පැ ඉක්ම නොයයි. අඩුම තරමින් 100000කීමී/පැ වේගයක් තිබුණානම් සෑහීමකට පත්වන්නට තිබුණි. තවද අප තවමත් ඉන්ධන ලෙස භාවිත කරන්නේ බොරතෙල්ය. අඩුම තරමින් න්‍යෂ්ටික ශක්තියවත් භාවිත නොකරයි. අනෙක් කාරණය නම් රිය දෙකක් ගැටුණු විට රිය දෙකට පමණක් නොව එහි සිටින මගීන්ටද හානි වෙයි. මෙසේ සිදුවිය යුතුද? රිය දෙක ළං වන විට ගැටීම වැළක්වීම සඳහා චතුර්මාන තාක්ෂණය භාවිත නොකරන්නේ ඇයි? තවද චතුර්මාන තාක්ෂණය භාවිතා කිරීමෙන් වාහන වලට එකක් හරහා තව එකක් යා හැකි බැවින් වාහන තදබදයද වැළැක්විය හැකිය. අනෙක් කාරණය නම් රථවාහන වලට ගමන් කළ හැක්කේ පැතලි පෘෂ්ඨයක් මත පමණි. අහසේ පාවීමට පොළොව තුළ කිමිදීමට නොහැක. එයද තාක්ෂණයේ අති විශාල අඩුපාඩුවකි. 







අභ්‍යවකාශ තරණය ගත් කළ අපට තවමත් හැකිව ඇත්තේ සඳ හා අඟහරු තරණය කිරීමට පමණි. ආලෝකයේ වේගය ඉක්මවා යෑම කෙසේ වෙතත් එය ආසන්නයට පවා යාමට නොහැකි වී ඇත. තවද අප තවමත් අභ්‍යවකාශය තරණය කරන්නේ රොකට්ටු වල ආධාරයෙනි. තනිව ගමන් කළ හැකි අභ්‍යවකාශ යානා තවම නිපදවා නොමැත. 
අනෙක් කාරණය නම් තවම අප ප්‍රවාහනය යනුවෙන් අදහස් කරන්නේ අවකාශය තුළ එහා මෙහා යෑමක් ගැන පමණි. කාල තරණයක් ගැන සිතාවත් නොමැත. අප තාක්ෂණය මගින් කාල තරණයක් හෝ කිරීමට නොහැකිනම් එය කොතරම් අඩුපාඩුවක්ද?

තොරතුරු හා සන්නිවේදනය





තොරතුරු හා සන්නිවේදනය ගත් කළද අප සිටින්නේ ඉතා ප්‍රාථමික අවස්ථාවකය. අපට තවම හැකිව ඇත්තේ රූපය හා ශබ්දය සන්නිවේදනය කිරීමට පමණි. ගන්ධය, රස හා ස්පර්ශය සන්නිවේදනය කිරීමට තවමත් නොහැකි වී ඇත. රූපය ගත් කළද තවම සන්නිවේදනය කළ හැකිව ඇත්තේ ද්විමාන රූප පමණි. ත්‍රිමාන අවකාශයේ යමක් මවා පෙන්වීමට තවමත් නොහැකි වී ඇත. ටෙලිවිෂනයේ රූප පෙනෙන නමුත් සුවඳ හෝ රසක් නොදැනෙයි. එම රූප අල්ලා බැලීමටද නොහැක. අනෙක් කාරණය නම් මුළු රටටම පෙනෙන්නේ එකම රූපයය. එකම ශබ්දය. ටෙලිවිෂනය හරහා අපට සන්නිවේදනය කිරීමට, අදහස් හුවමාරු කිරීමට නොහැක. එමගින් අපට අවශ්‍ය දේ නොලැබෙයි. උදාහරණයක් ලෙස ප්‍රවෘත්ති විකාශයේදී අප අසන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දිය හැකි කෘත්‍රීම බුද්ධියක් නොමැත. තවද ටෙලිනාට්‍ය වල රඟපාන නළුවන්ගේ හා වැඩසටහන් වල නිවේදකයන්ගේ මනසේ ස්වභාවය හා සිතුවිලි අපට නොදැනෙයි. මෙයද තවත් අඩුපාඩුවකි. 
තවත් කාරණයක් නම් අපට තවමත් සිතුවිලි මගින් සන්නිවේදය කළ නොහැකි වීමයි. තවමත් සිතුවිලි මගින් මෘදුකාංග අතුරු මුහුණත්, වෙබ් පිටු ආදිය පාලනය කළ නොහැක. 
අප සන්නිවේදනයේ තවත් දුර්වලතාවක් වන්නේ වෙනස් ජාතීන් දෙකක පුද්ගලයින් දෙදෙනෙකුට එකිනෙකා හා අදහස් හුවමාරු කරගැනීමේ අපහසුතාවයයි. හඬ පරිවර්තනය කළ හැකි උපකරණ තවමත් නිපදවා නොමැත.
අනෙක් ප්‍රධාන දුර්වලතාවක් නම් අප සන්නිවේදනය ආලෝකයේ වේගය ඉක්ම නොයාමයි. මෙනිසා අපට දුරස්ථ ග්‍රහලෝක සමඟ සන්නිවේදනයේදී දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුවේ. 
තවද අප තවමත් සන්නිවේදනය සඳහා භාවිත කරන්නේ ඉහළම තාක්ෂණික අංගයක් ලෙස ජංගම දුරකථනය පමණි. මොළය හා සවිකල හැකි නැනෝ චිප්ස් තවමත් නිපදවා නොමැත.

ආහාර හා සෞඛ්‍යය



ආහාර හා සෞඛ්‍ය අතින්ද අප සිටින්නේ ඉතා නොදියුණු අවධියකය. අපට එදිනෙදා අවශ්‍ය පෝෂණ ද්‍රව්‍ය මැනීමට හැකි උපකරණයක් තවම නිෂ්පාදනය කර නොමැත. අපට අවශ්‍ය ආහාරය සැනෙකින් මැවිය හැකි තාක්ෂණයක් තවම නැත. ඉලෙක්ට්‍රොනික හා සූර්ය ශක්තියෙන් අප ශරීරය පවත්වාගෙන යා හැකි තාක්ෂණයක් තවම නැත. ශරීරයේ අපද්‍රව්‍ය ස්වයංක්‍රීයව ඉවත් කළ හැකි තාක්ෂණයක් තවම නැත. ලෙඩ රෝග හා වයිරස වලින් බේරී සිටීමට හැකි තාක්ෂණයක් තවම නැත. පිළිකා, වයිරස් රෝග, හෘදය හා විවිධ අවයව වල රෝග තත්ත්වයන් ක්ෂණයෙන්  සුවපත් කළ හැකි යන්ත්‍ර තවම නිපදවා නොමැත. සිරුර නොසිදුරු කර ශල්‍යකර්ම සිදුකළ හැකි තාක්ෂණයක් තවම නැත. 

නිවාස හා ගොඩනැගිලි







නිවාස හා ගොඩනැගිලි ගත් කළ අපගේ යටිතල පහසුකම් තවම ඇත්තේ ඉතා ප්‍රථමික මට්ටමකය. තවම අප ගොඩනැගිලි නිර්මාණය කරන්නේ යකඩ හා සිමෙන්ති වලිනි. අඩුම තරමින් නැනෝ තාක්ෂණයවත් භාවිත නොකරයි. අහස් යානයක් ගැටුණු විට පවා ගොඩනැගිලි කඩා වැටෙයි. ඒවා එතරම්වත් ශක්තිමත් නොවෙයි. නම්‍යශීලී නොවෙයි. තවද කිලෝමීටර් ගණන් උස ගොඩනැගිලි තවම සාදා නොමැත. ගොඩනැගිලි අහසේ පා කළ හැකි ප්‍රති ගුරුත්ව තාක්ෂණය තවමත් භාවිත නොකරයි. අනෙක් කාරණය නම් තවම බිත්ති හරහා ගමන් කිරීමට නොහැකි වීමයි. චතුර්මාන, පංචමාන, ෂඩ්මාන ආදී තාක්ෂණයන් තවම භාවිතා නොකරයි. ගොඩනැගිලි සැම විටම ද්‍රව්‍යමය අවස්ථාවක් දරයි. තරංගයක් ලෙස හැසිරී ක්ෂණයෙන් තමාගේ ස්ථානය වෙනස් කිරීමට තවම නොහැකි වී ඇත. කාමර එකක් තුළ එකක් ලෙස සමාන්තරව නිර්මාණය කිරීමට තවමත් නොහැකි වී ඇත. කාල අවකාශ දොරටු තවම නිර්මාණය කර නොමැත. ක්ෂණයෙන් ගොඩනැගිලි හා නිවාස වල හැඩය, වර්ණය ආදී දෑ වෙනස් කිරීමට තවම නොහැකි වී ඇත.

 මෙපමණක් නොව අනෙකුත් අංග සියල්ලෙන්ම අප සිටින්නේ ඉතාමත් ප්‍රාථමික අවස්ථාවකය. මම මෙය ලියන්නේ නැති දේ ගැන සිහින මැවීමට නොවෙයි. අප කෙසේ හෝ අපගේ තාක්ෂණය දියුණු කළ යුතුයි. නව සොයාගැනීම් සිදුකළ යුතුයි. නව ශිෂ්ටාචාරයක් බිහිකළ යුතුයි. 

Friday, July 22, 2011

Java Mobile Game Developed by Mahen Samaranayake



Game Instructions
You are the green color one. 
Press UP, DOWN, LEFT, RIGHT to move.
Collect yellow color coins as much as possible.
You will get 10 marks for each coin you collect.
Avoid black color attackers.
If one attacker collides with you, then GAME OVER!

Friday, June 3, 2011

Cool Java Animation developed by Mahen Samaranayake

Mahen Samaranayake has used Java 2D Programming and Physical Theories of Object Collision to develop this application.